Pages

Thursday, November 6, 2014

Easy way to create a Website(පහසුවෙන් ඉතා මනරම් වෙබ් අඩවි සාදාගත හැකි)----->Pikock

මෙම වෙබ් සේවයෙන් දෙන themes සහ tools යොදා ගෙන drag & drop ක්‍රමයට වෙබ් අඩවි තනා ගන්නට පුලුවන.ඒ සදහා කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැත.
(www.pikock.com) 


Sunday, June 15, 2014

වැස්ස.............


  
            වැස්ස නිසා පහුගිය දවස් වල මිනිස්සු කොච්චර දුක්වින්දද...අසරණ වුණාද ..අනාථ වුණාද..ජීවිතෙන් සමු අරන් ගියාද....ඒ මිනිස්සු වැස්සට කොච්චර නම් ශාප කරන්න ඇත්ද!!....
                  ඒ අය වැස්සට එහෙම ශාප කරද්දි ආයෙ එන්නෙපා කියලා, තවත් කට්ටියක් වැස්ස නෑ කියල තමන්ටම ශාප කරගන්නවා....ඒ නියගයෙන් පීඩා විඳින අය.....ඒකෙන් තේරෙන්නෙ වැස්ස ඕනවට වඩා තිබිලත් බෑ නැත්තටම නැතුවත් බෑ කියලා.......

Thursday, March 20, 2014


Wish you all the best......
We are RNCoE teacher trainees.

Monday, March 17, 2014

Thursday, August 1, 2013

බැන්දට පස්සේ සැමියා විදින දුක.... 




පොස්ට් එක හොදනම් comment  එකක් දාගෙන යන්න....

Monday, July 22, 2013

කුණු ලොරියේ න්‍යාය

එක්තරා පුද්ගලයෙක් දිනක් ටැක්සියක නැගී ගමනක් යන්නට පිටත් උනා. ටැක්සි රථයේ රියදුරා නිවැරදි ලෙස රථය පදවමින් සිටියා.
මේ අතර, අතුරු මාර්ගයකින් හදිසියේ මෙන් කළු පැහැති කාර් එකක් පදවමින් පැමිණි පුද්ගලයෙකු සැනින් එම කාරය ටැක්සිය ගමන් කරමින් තිබූ මාර්ගයට ඇතුළු කළා.
ටැක්සි රථයේ රියදුරු ඉතා අසීරුවෙන් තිරිංග පාලනයෙන් සිදුවීමට ගිය අනතුර අනු නවයෙන් බේරා ගත්තා.
වැරැද්ද තමන් අතේ තිබියදී, කාරය පදවා ගෙන පැමිණි පුද්ගලයා දැඩි කෝපයකින් යුතුව ටැක්සි රථයේ රියදුරුට ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදින්නට වුණා.
මෙය දුටු ටැක්සි රථයේ රියදුරා සිනා මුසු මුහුණින් අනෙක් රියදුරා දෙස බලා ඉතා මිත්‍රශීලී ලෙස අතක්ද වනා තම රථය ඉදිරියට පදවාගෙන ගියා.
මෙය දුටු ටැක්සියේ ගමන් ගත් පුද්ගලයා ඉතාමත් පුදුමයට පත් වෙලා, තමා අතේ වරදකුත් නැතිව නිස්කාරනේ පරුෂ වචනයෙන් බැනුම් ඇසීමෙනුත් අනතුරව එසේ මිත්‍රශීලීව සැලකුවේ මන්දැයි විමසා සිටියා.

ශල්යකර්මය 


දිනක් වෛද්යවරයෙක් කලබල වී රෝහලට ඇතුළු වුණා. ඔහුව ඉක්මනින් ශල්යකර්මයකට කැදවා තිබුණේ, හැකි ඉක්මනින් ඇදුම් මාරු කොට ඔහු ශල්යාගාරය වෙත ගියා. ඔහු එතනට යන විට රෝගී වූ දරුවෙකුගේ පියා දොර අසළ සිටියා. ඔහුව දුටු සැණින් පියා

"මොනව ද මෙච්චර වෙලා කළේ ? දන්නේනැද්ද මගේ දරුවාගේ ජීවිතය අනතුරේ කියලා. වගකීමක් දන්නේ නැද්ද ?" 

කියා කෑ ගසන්න පටන් ගත්තා.

"සමාවෙන්න. මම ඉස්පිරිතාලේ නෙමෙයි හිටියේ. කෝල් එක ලැබුණු ගමන් එන්න පුළුවන් ඉක්මනින්ම තමයි මම ආවේ. සන්සුන් වෙන්න" දොස්තර පැවසුවා.

ඇසළ පොහෝ දිනය අදයි........

බුදුන් වහන්සේ අවබෝධ කළ උතුම් ධර්‍මය බරණැස ඉසිපතන මිගදාය නම් වූ උතුම් භූමිය තුළ දී තමා සමග සත්‍ය සෙවූ පස්වග තවුසන්ට දේශනා කළ සේක. ආලෝකෝ උදපාදි විජ්ජා උදපාදි වශයෙන් තුන් ලොවට උතුම් ධර්‍මය පහළ විය. අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ භික්ෂුව ලෙස ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම මහරහතන් වහන්සේ මෙම උතුම් දිනයේ දී පහළ විය.

ඒ සමග ම මෙම උතුම් ශාසනයේ තෙරුවන් පහළ විය. ධර්‍මචක්‍රය පහළ විය. මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය දෙව් මිනිසුන් විසින් අවබෝධ කර ගැනීම ආරම්භ විය. එසේම බුදුන් වහන්සේගේ පළමු වස විසුවේ මෙම පෝය දිනයේදී ය.

තව්තිසා බඹලොවට වැඩම කළ බුදුන්වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය ලොවට පෙන්වාදෙමින් අභිධර්‍මය දේශනා කිරීම ආරම්භ විය. දෙව් මිනිසුන්ට අභිධර්‍මය තුළින් සතර පරමාර්ථ හකුලුවා ගැඹුරින් කරන ලද උතුම් දේශනය ලැබුණේ ද මේ උතුම් දිනයේ දීය.

Saturday, July 20, 2013

පවුල සහ කාරය

ඔන්න එක මනුස්සයෙක් ලෝකයේ ඇති වටිනාම සහ දුර්ලභම මොටර් රථය මිලදි ගත්තා. මේ මොටර් රථයේ ටියෙන විශේෂත්වය තමයි කටහඩින් පාලනය කල හැකි විම.

බිරිද: මේ එයි දැන් ඉස්කොලෙන් ලමයි දෙන්නව එක්කන් එන්න වෙලාව හරි.
සැමියා: (ආඩම්බර්යෙන් මේ කටයුත්ත කාරයට බාර දෙයි. ) මිස්ටර් කාර් ඔයා දැන් ඉස්කොලේ ලගට ගිහින් මගේ ලමයි ටික අරන් එන්න.

කාරය: හරි සර්.

පැය 2ක් පරක්කු වුවත් කාරය තාම නැත.

මිටියේ අභිරහස

ද්විත්ව මිනීමැරුම් චෝදනාවකට ලක්වූ පුද්ගලයෙක් උසාවියේ විත්තිකූඩුවේ සිටගෙන සිටියේය.

“තමුන්, තමුන්ගේ බිරිය මැරෙන තෙක් ඇයට මිටියකින් පහර දී තිබෙන බවට චෝදනා එල්ල වී තියෙනවා” යැයි විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඒ අවස්ථාවේ උසාවි ශාලාවේ පිටුපස අසුනක සිටි පුද්ගලයෙක් “අවජාතකයා!” යයි කෑගැසුවේය.

විනිසුරු ඔහුගේ කාර්යය දිගටම කරගෙන යමින් “තමුන්, තමුන්ගේ දියණිය මිය යන තුරු ඇයට මිටියකින් පහර දුන් බවටත් චෝදනාවක් තියෙනවා” යැයි කියා සිටියේය.

එවිට, නැවත වතාවක් උසාවි ශාලාවේ පිටපුස අසුනකින් “උඹ පරයෙක්! අවජාතකයෙක්!” යනුවෙන් කෑගසනු අසන්නට ලැබිණි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...