Pages

Monday, April 29, 2013

IT hits.....iPhone ගැන ටිකක්...



අයිෆෝන් කියන්නෙ කෙටි කාලයකින් ශීඝ්‍රව පැතිරුණු ජංගම දුරකථනයක්...අපේ මීලග පැනය ඒ හා සම්බන්ධ දෙයක්.

  • උදාහරණයක් විදිහට ඇපල් අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් පරිගණකයට සම්බන්ධ කිරීමට එම පරිගණකයට අයිටියුන්ස්(iTunes) ඩවුන්ලෝඩ් කළ යුතුයි. වින්ඩෝස් 7 පරිගණකයකට අයිටියුන්ස් ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝල් කොට ක්‍රියාත්මක කිරීමේදී "iTunes was not installed properly. Please re-install iTunes. (Error 7)" යන පණිවුඩය දිස් වේ.මෙම දෝෂය මඟහරවා ගන්නේ කෙසේද කියා අපි බලමු.


ඉහත පරිදි එකක් දිස් වීමට හේතුව අයිටියුන්ස් ඉන්ස්ටෝල් වීමේදී වරදක් සිදුව තිබීම නොවේ.
වින්ඩෝස් 7 වල ඉන්ස්ටෝල් වෙලා තියෙන සංස්කරණය අයිටියුන්ස් සඳා නොගැළපීම මීට හේතුවයි.

ඒ නිසා කළ යුත්තේ අයිටියුන්ස් මෘදුකාංගය අන්ඉන්ස්ටෝල් කොට වින්ඩෝස් 7 සඳහා ගැළපෙන Windows7:Microsoft.NET Framework 4.0 පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමයි. එය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට www.microsoft.com/downlaod/en/details.aspx?id=17851 වෙබ් අඩවියෙන් ඔයාලට හැකිවේවි!

හමුවෙමු නැවතත් IT Hitz තුළින්..........

IT hits.....බීප් නාදය අනුව laptop එකෙ දෝෂය හඳුනා ගමුද....

                        පරිගණක පැන විසඳුම් ආශ්‍රයෙන්......ඔබගේ පරිගණක දැනුමට මේ විශේෂාංගය එක්කරන්නේ පරිගණක ක්ෂේත්‍රයට කැමති ඔයාලා සඳහාමයි.
පොත් සඟරා කියවීම අපි අතරින් ටික ටික ඈත්වෙලා ඒ වෙනුවට PC,laptop,tablet, I phone වගේ දේවල් පාවිච්චිය වැඩිවෙලා කියලා අපි හැමෝම දන්න දෙයක්නෙ.මේවත් නරක දේවල් නෙවෙයි ඒ දේවල් වැදගත් විදිහට පාවිච්චි කරනවනම්.ඉතිං තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකෙම ඉදිරියට යද්දි අපිට විතරක් එක තැන බලන් ඉන්න බැහැනෙ..අපිටත් මේ දේවල් ඉගෙන ගන්න වෙනවා.ඒකට ඕනෑ තරම් දේවල් තියෙනවා අන්තර්ජාලයේ.හැබැයි ඉතින් සිංහලෙන් තියෙන්නේ අඩු ප්‍රමාණයක්..ඒ නිසා මේ විශේෂාංගය අපේ blog එක කියවන හිතවතුන්ට උදව්වක් වෙයි කියලා හිතනවා පරිගණක සාමාන්‍ය දැනුමට.වැඩක් නැති දේවල් වලට කාලය,මුදල් ගෙවන වෙලාවේ ඔයාලා දන්නෙ නැති එක දෙයක් හරි මේක කියවලා දැනගත්තනම්..ඒක තමා අපේ සතුට...කියවලම බලන්නකෝ....



  • ලැප්ටොප් එකක් පාවිච්චි කරන ඔයාලට සමහරවිට මේ දේට මූණ දෙන්න වෙලා ඇති.ඇතැම් අවස්ථා වල එය ක්‍රියාත්මක කරන විට බීප් හඬක් ඇසිලා ඇති.නැති උනත් එහෙම වෙන්න ඉඩ තියෙනවනෙ.              අපි බලමු මොකක් නිසාද එහෙම වෙන්නෙ කියලා.මේක අපි හිතන තරම් පොඩි දෙයක් නම් නෙවේ බීප් හඬ ඇසෙන වාර ගණන අනුව දෝෂය වෙනස් වෙනවා.බීප් හඬෙහි වාර ගණනින් හෝ පරිගණකයේ ඉදිරිපස ඇති බල්බ දැල්වෙන වාර ගණනින් අපට දෝෂයේ ස්වභාවය දැනගන්න පුලුවන්.ඉන්පසු අවශ්‍ය පිළියම් යෙදිය යුතුයි.


බීප් හඬ හෝ බල්බ දැල්වෙන වාර ගණන දැල්වෙන බල්බය පරීක්ෂා කළ යුතු උපාංගය දෝෂය
දිගටම දැල්වී තිබීම Battery power LED Battery බැටරිය ආරෝපණය වෙමින් පවතී
                    1 Caps Lock/Num Lock CPU CPU දෝෂ සහගතය
                    2 Caps Lock/Num Lock BIOS BIOS වල දෝෂයකි
                    3 Caps Lock/Num Lock Memory RAM දෝෂයකි
                    4 Caps Lock/Num Lock Graphics Graphics කාඩ් එකෙහි දෝෂයකි
                    5 Caps Lock/Num Lock System board මවු පුවරු දෝෂයකි
                    6 Caps Lock/Num Lock BIOS BIOS දෝෂයකි
නොනැවතී  ON/Off වීම AC power adapter LED Power adapter විදුලි බලය ප්‍රමාණවත් නැත

Sunday, April 28, 2013

රාජ නිතිය හා දෙතිස් වධය


රටක් එක්සේසත් කිරීම යනු මුළු රටම එකම නීතියක් යටතේ එක් පාලකයෙකු විසින් පාලනය කිරීම වේ. එක්සේසත් වූ රටක එක් එක් ප‍්‍රදේශ ප‍්‍රාදේශීය නායකයන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමට අවකාශ නොමැත. මේ නිසා අද කෙසේ වුවද පුරාණ ලංකාවේ තිබී ඇත්තේ සියල්ලන්ටම බලපාන එකම නීතියක් බව නම් කිව යුතුය. එම නීතිය රාජනීතිය ලෙස හැදින්වූ බව ඉතිහාසයේ ලියැවී තිබේ.

රටේ පළාත් වලට අනුව ජාති හෝ ආගම් වලට අනුව උස්මිටි කුලහීනකම් වලට අනුව වෙනස්වන නීති පද්ධතියක් එකළ නොතිබුණි. මුළුරට තුළම ක‍්‍රියාත්මක වූයේ එකම රාජ නීතියකි. මේ නිසා රටේ එක්සේසත් කම නිරුපද්‍රිතව පවත්වා ගැනීමට එදා සිටි පාලකයන්ට හැකි විය.

දෙවන පෑතින් රජදවස සිදුවූ මහින්දාගමනය නිසා අපේ රට තුළ ක‍්‍රමවත් නීති පද්ධතියක් ගොඩනැගුණි. බුදු දහම ලංකාවට හඳුන්වාදීමත් සමග විනය පිටකයට අදාළව අපේ රටේ රාජ්‍ය නීතිය මුල් කාලයේ ගොඩනැගී තිබුණි. මෙය යථාර්ථවාදී දර්ශනයක් හිමි බුදු දහමේ අනුහසින් අපේ පාලකයන් ලද දායාදයකි.
වේවැල් කුටිය සහ බදුලූ ටැම් ලිපිවල මෙරට පැවැති රාජ නීතිය ගැන බොහෝ කරුණු සඳහන් වේ. රාජ නීතිය කොතරම් බුදු දහම හා බද්ධ වී තිබුණේද යත් විහාර භූමියට ඇතුළු වන අපරාධකාරයන්ව ඇල්ලීමට පවා රාජ්‍ය ආරක්‍ෂක නිලධාරීන්ට තහනම් කර තිබුණි. ඒ කෙසේ වුවද දරුණු අපරාධ කරුවන්ට දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතු වූ අවස්ථාවලදී හෙළ රජදරුවන් පසු බට වූයේ නම් නැත.
හතරවන කාශ්‍යප රජතුමාගේ මොරගොඩ සෙල්ලිපියට අනුව දරුණු අපරාධකරුවන් මිනී මරුවන් විහාර ගම්වලට වැද්දගෙන රැකවල් ලබාදීම නුසුදුසු බව පිළිගත හැකිය. ඇතැම් විට මිනීමරුවන් කුමන ස්ථානයක සිටියද ඔවුන් අල්ලා වධයට පමුණුවා ඇත. ඇතැම් විට මිනීමරුවන් සඟවා තබා ගන්නවුන්ට එදා අත්වූ ඉරණම වූයේ රටින් පුටුවහල් කිරීමය.

Maths is awesome.... (ගණිතය හරි සුන්දරයි...)

මතකද 2004 දෙසැම්බර් 26 වෙනිදා.......


සදා අමතක නොවන ඒ සිදුවීම..... ඒ මහා විපතින් මියගිය ප්‍රමානය අති මහත්..... ඇස්තමේන්තු වලට අනුව මිය ගිය ප්‍රමානය 230,000 ඉක්මවයි.......

නමුත්, ඔබ දැන ගෙන සිටියාද? 

 දිනකට ලොකය තුල සිදුවන ලදරු උපත් ගනන..... 384,000
 දිනකට මියයන මිනිසුන් ගනන....... 156,000 
 එනම්.... එක් දිනකදී ලෝක ජනගහනයට එකතුවන ප්‍රමානය......228,000

 සුනාමි වියසනයෙන් අහිමි වූ මිනිස් ජීවිත ගනන පැය 24 කදී නැවතත් ලෝක ජනගහනයට එකතු වී හමාරයි.... දැන් හිතා ගන්න පුලුවන්ද අද වනවිට සමස්ත ජනගහනය කෙතරම් සීග්‍රයෙන් ඉහල යනවද කියල........? මේ සඳහා බලපාන ප්‍රධානම කරුන වන්නේ ජනගහන වර්ධනය පිරමීඩාකාර වර්ධනයක් වීමයි.....

 මේ තත්වය පැහැදිලි කරන්න පුංචි උදාහරනයක් දෙන්නම්....

Organic Chemistry Short Notes(part 2)

විශේෂ පරිවර්තන


Organic පරිවර්තන කියන්නේ ප්‍රශ්න පත්තරෙට ගොඩක් වට්න කොටසක් කියලා chemistry  කරන ඕන කෙනෙක් දන්නවානේ..... Organic පරිවර්තන  කරන හැට් මතක තියාගන්න මන් හදපු දෙවෙනි  Short note  එක තමයි අද මන් ඔයාලට දෙන්න හදන්නේ.....පලවෙනි එක බලපු නැති අය මෙතනින් බලන්න....

මෙවා හොදට පාඩමි කරලා ඔයාලාට බැරිවුන පරිවර්තන කරන්න උත්සහ කරලා බලන්න.... කලින්ට වඩා ගොඩක් ලෙසි වෙයි....

organic1

Friday, April 26, 2013

"නිවටයන්,නුසුදුස්සන් සමඟ උතුමෝ නොගැටෙති."


පන්සිය පණස් ජාතක පොතේ එන තවත් ආදර්ශවත් කතාවකි මේ.. (සූකර ජාතකය ඇසුරෙන් දෙනගම සිරිවර්ධනයන් ලියා නමස්කාර සඟරාවේ පළවූ ලිපියකි.මෙහි සිංහයා බෝසත්ය.)
"නිවටයන්,නුසුදුස්සන් සමඟ උතුමෝ නොගැටෙති."
මේ කතාව උගන්වන පාඩම එයයි.මෙය කියවා ඔබේ ජීවිතයත් ගුණදහමින් පරිපූර්න යහපත් ජීවිතයක් කරගන්න.එය අප මහා බුදුරජාණන්වහන්සේටත් බුදු දහමටත් කරන ඉමහත් ගෞරවයකි.


                   දිය බොමින් සිටි සාවෝ,මුවෝ,ගෝන්නු විලට වැටුණු අඩිපාරෙන් වහා ඉවතට පැන ගථ. මේ සිංහයා ගොදුරු කා,පැන් බීමට විලට එන වේලාව බව උන් දනී.ගොදුරු කා කුස පිරුණු පසු සින්හයාගෙන් කිසිදු ප්‍රාණියෙකුට හානියක් නොවන බව දැන දැන වුවද වනයේ සත්තු ඌ මගහැර යති.
 සින්හයා සුපුරුදු වේලාවට විල් ඉවුරට ආවේය.ඌරු රන්චුවක් ද විල අසබඩ විසූහ.සින්හයාට විල් ඉවුරේදී මඬක් දුරින් සිටින ඌරෙක් පෙනිණ.ඌ දැවැන්තයෙකි.
  තඩි ඌරෙක් - හොඬට මස් දාලා - තෙල් බේරෙන ඇඟ - පස්සෙ දවසක රස විඬිය හැකි කදිම ගොදුරක්.ඌට මා පෙනුනොත් ආයෙත් මේ වෙලාවට එන එකක් නැහැ.මා මේ පඬුර අස්සෙන් රිංගා විලට බැස පැන් ටිකක් බී ඌට නොපෙනී යනවා.එදාට පුලුවන් තරුණ ඌරු මසේ මිහිර විඳින්නට'යි සිතමින් සිංහයා පඳුරකට මුවා වී විලට බැස්සේය.
   ඉවුරේ පහල සිටි ඌරාට සිංහයා කල දේ පෙනිණි.ඌගේ මුහුනට සිනාවල් නැගී සුදු දෙදළ ද එසැවිණි.
   මගේ දැවැන්ත ශරීරය දැක සිංහයාට බය හිතිලා.තවත් ටිකක් ඌව බය කරන්න ඕනෑ.කැලේ රජා වෙලා ඉන්න සිංහයා.තවත් නම් උන්දැට මම රජකම් කරන්න දෙන්නෙ නෑ.ඌ කවදාවත් හිතන්න නැතුව ඇති මා වගෙ යෝධ සිව්පාවෙක් මේ කැලේ ඉන්නව කියල'යි සිතූ ඌරා සිංහයාට ඇසෙන්නට මෙසේ කීය.:
   "යාළුවා, මොකද මේ හැංගි හැංගි යන්නෙ.අපි දෙදෙනාම සිව්පාවොනේ.මා දැක්කෙ නෑ කියල හිතුවා නේද? එනවා එනවා ඉස්සරහට.මෙච්චර කල් කැලේ රජවෙලා හිටියට දැන් නම් හිතෙනවා ඇති රජකමට හොද අය තව ඉන්නව කියලා.මොකද බලාගෙන ඉන්නේ? එනවා එනවා ඉස්සරහට."
     ඌරා අඩි දෙකක් ඉදිරියට තැබුවේය.සිංහයා නොසෙල්වී සිටියේය.සිංහ සිතට කෝපයක් නැගිණ.'මේ අහංකාර මෝඩයා මරාදැමීමෙන් මට ප්‍රයෝජනයක් නෑ.මගේ බඩ පිරිලා.' කෝපය නිවාගනිමින් ඌ සිතුවේය.

Thursday, April 25, 2013

Tuesday, April 23, 2013


Organic Chemistry Short Notes

C වැඩ් කරන ප්‍රතික්‍රියා

Organic පරිවර්තන කියන්නේ ප්‍රශ්න පත්තරෙට ගොඩක් වට්න කොටසක් කියලා chemistry  කරන ඕන කෙනෙක් දන්නවානේ..... Organic පරිවර්තන  කරන හැට් මතක තියාගන්න මන් හදපු Short note  එකක් තමයි අද මන් ඔයාලට දෙන්න හදන්නේ..... මෙකෙ තව කොටස් 2ක් තියෙනවා.... එ 2ත් ඉක්මනට දාන්නම්. මේ කොටස් 3ම හොදට පාඩම් කරොත් පරිවර්තන වලින් 75% ට වඩා ඔයාලාට කරගන්න පුලුවන්... ඉතුරු ට්ක ඉතින් පුහුනුව තමයි....


Friday, April 19, 2013

Inorganic Chemistry ( අකාබනික හදුනා ගැනිම්)

පින්තුර පැහැදිලි නැත්නම් පින්තුර උඩ Click කරන්න.....

Wednesday, April 17, 2013

The Cookie Thief



A woman was waiting at an airport one night,
With several long hours before her flight.
She hunted for a book in the airport shop,
Bought a bag of cookies and found a place to drop.

She was engrossed in her book,but happened to see,
That the man beside her, as bold as could be,
Grabbed a cookie or two from the bag between,
Which she tried to ignore, to avoid a scene.

She read, munched cookies, and watched the clock,
As the gutsy "cookie thief" diminished her stock.
She was getting more irritated as the minutes ticked by,
Thinking, "If I wasn't so nice, I'd blacken his eye!"

With each cookie she took,he took one too.
When only one was left, she wondered what he'd do.
With a smile on his face and a nervous laugh,
He took the last cookie and broke it in half.

He offered her half, as he ate the other.
She snatched it from him and thought,"Oh brother,
This guy has some nerve,and he's also rude,
Why, he didn't even show any gratitude!"

She had never known when she had been so galled
And sighed with relief when her flight was called.
She gathered her belongings and headed for the gate,
Refusing to look back at the "thieving ingrate."

She boarded the plane and sank in her seat,
Then sought her book, which was almost complete
As she reached in her baggage, she gasped with surprise.
There was her bag of cookies in front of her eyes!

"If mine are here," she moaned withdespair,
"Then the others were his and he tried to share!"
Too late to apologize, she realized with grief,
That she was the rude one, the ingrate, the thief!


Valerie Cox

Saturday, April 13, 2013

Sinhala nisadas (part3) and kawya



Sinhala nisadas (part 2)

මේවා මගෙ යාලුවෙක් ලියපුවා.... තව ගොඩක් එවා තියෙනවා එයා ලියපුවා.... එවත් පුලුවන් විදියට දාන් නම්.... එයාට තවත් මේ වගේ හොද නිර්මාණ කරන්න Support එකක් විදියට මේ ගැන ඔයලාගෙ අදහස් මේ බ්ලොග් එකේ දාන්න....






Sinhala nisadas (part one)


මේවා මගෙ යාලුවෙක් ලියපුවා.... තව ගොඩක් එවා තියෙනවා එයා ලියපුවා.... එවත් පුලුවන් විදියට දාන් නම්.... එයාට තවත් මේ වගේ හොද නිර්මාණ කරන්න Support එකක් විදියට මේ ගැන ඔයලාගෙ අදහස් මේ බ්ලොග් එකේ දාන්න.....





Friday, April 12, 2013

MISSING YOU


I dream the sun will shine brighter

Be my hope for a better future
I hope thz moon will leave me shelter
For only i know the pain hidden in thunder.
Just let our sun shine and wonder
For i just wanted to end thz thunder
No do i want to change u my lover
I will change for i need our love to live more longer
I need ur love i need ur strength
U r da world to me tho u never felt...

Thursday, April 11, 2013

Combined Mathematics syllabus



Combined Mathematics Grade 12 syllabus


Chemistry Short notes ( part 3) 

අගුරු කුට්ටි පරික්ෂාව

Chemistry Short notes ( part 2)

දෙවෙනි එක විදියට පහන් සිළු පරික්ෂාව ගැන දාන්නම්.....

ඔයාලට මෙකෙන් වැඩක් තීයෙනවා කියලා හිතෙනවනම්  මේකට Comment එකක් වත් දාන්න......

ඔයාලාගේ යාලුවන්ට බලන්න Share කරන්න.......මගේ blog එකට join වෙන්න......තවත් මේ වගෙ වැදගත් එකකින් හම්බෙමු......  keep in touch......

Chemistry Short notes ( part 1)


ගොඩක් අය Chemistry Short notes හොයනවනේ..... එ අයට උදව්වක් විදියට මන් මට පුලුවන් විදියට Chemistry Short notes හදලා දාන්නම්.... Chemistry වල ලකුණක් 2ක් කියන්නේ කොච්චර වටිනවද කියලා දන්නවනේ ඔයාලා.... මන් මේ දාන එවාගෙන් අඩුම තරමේ ලකුණක් 2ක් වත් ගන්න පුලුවන්..... ඔයාලටත් එහෙම හිතෙනවනම් මේකට Comment එකක් වත් දාන්න......

පලවේනි එක විදියට විව්ධ සංයෝග වල ජල ද්‍රවයතාව ගැන දාන්නම්.....
මේක බහුවරණ paper 1ට යි රචනා paper 1ට යි ගොඩක් වැදගත් වුනා මට නම්... ඔයාලටත් මේකෙන් වැඩක් වේයි කියලා මන් හිතනවා..... ඔයාලටත් එහෙම හිතෙනවනම්  මේකට Comment එකක් වත් දාන්න......
ඔයාලාගේ යාලුවන්ට බලන්න Share කරන්න.......මගේ blog එකට join වෙන්න......තවත් මේ වගෙ වැදගත් එකකින් හම්බෙමු......  keep in touch......


Wednesday, April 10, 2013

The Little Boy and the Old Man


Said the little boy, "Sometimes I drop my spoon."
Said the little old man, "I do that do."
The little boy whispered, "I wet my pants."
"I do that too," laughed the old man.
Said the little boy, "I often cry."
The old man nodded. "So do I."
"But worst of all," said the boy, " It seems Grown-ups don't pay attention to me."
And he felt the warmth of a wrinkled old hand.
"I know what you mean," said the little old man.





                                                                                 Shel Silverstein
                                                                  Submitted by Ruth Wiele.


What It Means to Be Adopted?




            Teacher Debbie Moon's first-graders were discussing a picture of a family.One little boy in the picture had different color hair than the other family members.
                     One child suggested that he was adopted, and a little girl named Jocelynn Jay said, "I know all about adoptions because I'm adopted."
 "What does it mean to be adopted?" asked another child.
 "It means," said Jocelynn, "that you grew in your mother's heart instead of her tummy."

                                                                        George Dolan.

Tuesday, April 9, 2013


පන්සිය පනස් ජාතක පොත....




අපේ තිලොගුරු වු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පෙර ආත්ම භාවය පිලිබද ලියවුනු කතා වස්තුන් ඇතුලත් පොත් වහන්සේ තමයි මේ පන්සිය පනස් ජාතක පොත....

මේ පොතෙන් අපේ ජිවිත වලට ගන්න පුලුවන් ආදර්ශ අසිමිතයි.......

ඔයාලත් මේ පොතේ කතා කියවලා ජිව්තේ සාර්ථක කරගන්න......

මේ පොත ජාති ආගම් බේදයක් නැතුව හැමොටම වැදගත් වේයි තමන්ගේ ජිවිතේ ඉදිරි ගමන සාර්ථක කරගන්න.........



                                        Download

Monday, April 8, 2013

* *When I Whine* *                                                                         
Jerry's Haven N Tell When I Whine  


Today, upon a bus, I saw a girl with golden hair
I looked at her and sighed and wished I was as fair.
When suddenly she rose to leave,
I saw her hobble down the aisle.
She had one leg and used a crutch
But as she passed, she passed a smile.
Oh, God, forgive me when I whine
I have 2 legs,the world is mine.

~..............................~........................~

I stopped to buy some candy
The lad who sold it had such charm
I talked with him a while, he seemed so very glad
If I were late, it'd do no harm.
And as I left, he said to me,
"I thank you, you've been so kind.
It's nice to talk with folks like you.
You see," he said, "I'm blind."

Oh, God, forgive me when I whine.
I have 2 eyes,the world is mine.

   ~..............................~........................~


Later while walking down the street,
I saw a child with eyes of blue
He stood and watched the others play
He did not know what to do.
I stopped a moment and then I said,
"Why don't you join the others, dear?.."
He looked ahead without a word.
And then I knew, he couldn't hear.

Oh, God, forgive me when I whine.
I have 2 ears,the world is mine.

  ~..............................~........................~

With feet to take me where I'd go.
With eyes to see the sunset's glow.
With ears to hear what I would know.
Oh, God, forgive me when I whine.
I've been blessed indeed, The world is mine!!






Sunday, April 7, 2013

අහිමි නුඹ



කවි පදයක් අමතක වූ විට
නෙතත් නිදිබරව රැය ගෙවෙනවා....
කවි පදයක් අමතක වූ විට...
ලඟ උන්නත් දුරස් බවක් හැඟෙනවා....
නිදිබරව රැය ගෙවෙනා විට...
ඔබත් ඇවිදින් හෙමිහිට....
අවිහින්සක මගේ හිත රිදවනවා...
දෝත පා දුන්නත් ආදරය මගේ....
නුඹ එය සෙල්ලමක් සේ තැකුවා....
දුරකට ගිහින් හැඩෙව්වත් මා සිත....
ඔබටම සිතින් පෙම් කරමි මතු හැමදාමත්!....


                                                                                                                                     ~අචී~

හැඟුම්....



නීල කඳු හෙල් නිම්න පසුකර....
සිහිල් මඳනල හමාදෙන්....

සුපිපි කුසුමන් සුවඳ විඳ විඳ....
සකුණ මියැසිය ගියාදෙන්....

නුහුරු හඟුමෙන් විඳ සෙනෙහස....
සිහින ගව් දුර මවාදෙන්...

සසර මතකය මියැදෙමින් යලි....
වසත් කල ඉගිලුනාදෙන්....




                                                                                                                                                                   ~අචී~

නික්ම ගිය නුඹ නමට....



ඇසල නිල් සඳ ...
නැගුන නුබ ගැබ...
නුඹ තරම් හරි පින්බරයි....

නුවර වැව් දිය....
වැටී ඒ සඳ....
නුඹ නමින් සිතුවම් අඳියි....

නුඹට නොදැනෙන...
මගේ සෙනෙහස...
වැවේ දියවර පරදවයි....

ඇසල සඳ නුඹ....
මසිත් අහසින්....
නික්ම ගොස් හිත කළුවරයි...

                                 ~අචී~

Political Science Syllabus

Political Science Syllabus Grade 12



          Download

Economics Syllabus



Economics Grade 12 Syllabus




                     Download

Friday, April 5, 2013

කළණ මිතුර....


සෙවනැල්ල පවා ...
අතහැර ගියදා....
තනිකොට අඳුරේ....
නුඹ ළඟ හිටියා....
නිසි ලෙස මඟ පෙන්වා....
මා ළඟ මිතුරේ...
දුෂ්කරය කියා....
අත් හල යුතු නැති....
මේ ජීවිතයේ....
නුඹ ළග හිටියා....


මල් පිපෙනා තුරා....
යලි වස්සානේ.... 



                                ~අචී~

සේපාලිකා මල් වැටිලා....



සේපාලිකා මල් වැටිලා...
සුවඳ දැනුනෙ ඒ මල් වල....
මගේ හිතට විතරක්මද.....?

රාස්සිගේ අවුව වැටුන....
මුළු පන්සල් මළුව පුරා...
ඒ අසිරිය විඳ ගත්තෙත් ...
මගේ දෙනෙත් විතරක්මද....?

නිල් පාටින් ඔය ඇස් දෙක....
දිලිසි දිලිසි හිනැහෙනකොට....
ආදරයේ සුවඳ දැනුනෙ...
මගේ හදට විතරක්මද....?



                                                            ~අචී~

Physics syllabus , practicles & papers

Physics Grade 12 Syllabus



Download


Biology syllabus , practicles and papers

Biology Grade 12 Syllabus



Download

Chemistry syllabus , practicles and papers

Chemistry grade 12 syllabus




 Download

Tuesday, April 2, 2013

සිහිනයකි නුඹ.....




නුඹේ රුව සිත....

මවාගෙන සඳේ සිත්තම් අඳින්නට....

නුඹේ සුවඳම හද හොවාගෙන.....

නෙලුම් විල මල් නෙලන්නම්....

නුඹේ හඬ දෙසවන....

යොමාගෙන විහඟ ගී නද අසන්නම්....

නුඹේ උනුසුම හද....

පුරෝගෙන සිහිනයේ....

නුඹ සොයන්නම්......

                                     ~අචී~

සඳ මාළිගය බිඳී ගියා.....



                                                 හිරු මෙන් පිබිදි ලොවට මගේ....

අඳුර උදාකර සැඟව ගියේ....

ඔබට ලං වී සෙනෙහස ලැබුමට...

මා පෙර කල පිං මදිද ප්‍රියේ....

මහමෙරක් සේ පිදූ සෙනෙහස...

ඇයි ද මේ ලෙස ඉවත දැම්මේ...

හදේ තැනූ ඒ පැතුම් මාලිගා....

දෙපා අභියස බිඳ හෙලූයේ....

                                   ~අචී~


Monday, April 1, 2013

කඳුලු අතරින් සිනහවට.....



ලැබෙන මදහස කඳුලු අතරින්....

වටිනවා මුළු ලොවට....

වැඩියෙන් දුකක් වුවත්..ජීවිතේ නම්.....

කඳුලු හරි ලෙන්ගතුයි මට නම්....

වාසනා තරු දහක් මැද්දෙන්....

පූදිනා පුන් සඳක් විලසින්.....

රැගෙන යන්නට ජීවිතේ මං.....

දරනවා මහ ගොඩක් වෙර දැන්.....

                                ~අචී~

පැතුමක කඳුලු.......



පැතුම් නෙත් මත තියා...
ආදරේ කියාදුන්...
ගෙවී ගිය ඒ යුගය....
ඇත්තටම අමතකද...?

සංසාරේ පුරාවට...
වෙන් නොවෙන්නම් කියූ...
සුපෙම්බර ඒ වදන්....
අනේ කොහි පාවුනිද...?

බිඳුනු දා සිත් පැතුම්....
සිවු දෑස එකතු කල....
පවු පිරූ ඒ දිවිය....
ඉතින් මට කුමකටද...?

                           ~අචී~

Arts and tattoos



































                                                                                                            

                                  Art by Damith Muwandeniya 


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...